Thursday, July 23, 2015

ජීවිතයට වියත් වදන්

  • 1.මෝඩයාගේ හදවත ඇත්තේ මුව තුලය.ප්‍රඥාවන්තයාගේ මුව ඔහුගේ හද තුල ඇත.   -ෆ්‍රෑන්ක්ලින්-
2. දුප්පත්කම දරාගැනීම නිවට කමකි.නියම මිනිස්කම ඊට විරුද්ධව සටන් කිරීමයි.
                            -ඔලිවර් ගොඩ්ස්මිත්-

3. මරණය පිලිබඳව කෙතරම් සිද්ධාන්ත දැන සිටියත් ඒ ගැන අත්දැකීම් ලැබෙන්නේ නැත.      -ක්‍රිෂ්ණ්මූර්ති 

4. කෙනෙකුගේ බුද්ධිය පටු වන තරමට දේශනාව දිගය.                            -සිංහල පිරුලක්-

5. මනුෂ්‍යත්වය යනු සාගරයකි.කෙතරම් අපවිත්‍ර දෑ එකතු වුවද සාගරය අපවිත්‍ර නොවේ. එසේම කෙතරම් බාධක ආවද මනුෂ්‍යත්වයක් හිමි ඔබ පිලිබඳ විශ්වාසය ඇත නොහරින්න.          -මහත්මා ගාන්ධි-

6. ප්‍රීතිය හැර අන් සැමදේම බැඳ තබා ගත හැක.                -තාගෝර්-

7. නිරතුරුවම තමන්ගේ හිතට එකඟව කතා කිරීමට පුරුදු වන්න. එවිට පහත්ගති ඇති අය ඔබ හැර යනු ඇත.   -විලියම් බ්ලේක්-

8. දුර්ලභ ගනයේ බුද්ධිමතෙක් මුණගැහුනහොත් ඔහු කියවන්නේ කෙබඳු පොත පතදැයි අප සොයා බැලිය යුතුය.                     -ඉමර්සන්-

9. අනුවන කමින් පටන් ගන්නා කෝපය පසුතැවිල්ලෙන් අවසාන වේ.                       -පයිතගරස්-

10. කෝපය යනු කෙටි උමතුවකි.                        -හොරේස්-

11. ත්‍යාගශීලිත්වයෙන් ආදරය වෙන් කල නොහැක.                      -විලියම් සේක්ෂ්පියර්-

12. බුද්ධිය අනුව යන හස්තයට බලාපොරොත්තු සපල කරගත හැක.                       -මයිකල් ආන්ජලෝ-

13. යමක් කල හැකි තැනැත්තා එය කරයි.බැරි තැනැත්තා එය කරන හැටි උගන්වයි. - ජෝර්ජ් බර්නාඩ් ෂෝ -

14. බිරිඳ  හඳුනා ගැනීමට සැමියාගේ මුහුණ බලන්න.                     -ස්පාඤ්ඤ පිරුලක්-

15. සත්‍ය විස්වාසයක් නැති තැන සත්‍ය ආදරයක්ද නැත.     -විලියම් සේක්ෂ්පියර්-

16. ප්‍රමාද නොවිය යුතුය. ප්‍රමාදය අන්තරාව අන්ත කොට ඈති හෙයිනි.                    -විලියම් සේක්ෂ්පියර්-

17. නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන වැටෙන පාරට එඩිතරව නැගිටීමයි         .           -කොන්ෆියුසියස්-

18. මිනිසා මුළු ජීවිතයම කරන්නේ ජීවත් වීමට සූදානම් වීමයි.                     -වෝල්ටෙයාර්-

19. සෑම නිවසකම විශ්ව විද්‍යාලයකි.දෙමව්පියෝ එහි මහාචාර්යවරු වෙති. -මහත්මාගාන්ධි-

20. ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම් ඔවුන් කියන හැම දේටම හොඳින් කන් දෙන්න.                    -තාගෝර්තුමා-

21. හොඳ මිතුරෙකු ලැබීමේ හොඳම ක්‍රමය තමා හොඳ මිතුරෙකු වීමයි.                     -රැල්ප් ඉමල්ෂන්-

22. පරාජය ගැන බිය පුද්ගලයාට කිසිදා ජයග්‍රහණය හිමි නොවේ. එබැවින් පරාජය වීමට බිය 
නොවන්න.                     -නැපෝලියන්-

23. ජීවත් වනවා කියන්නේ මොහොතක්වත් නාස්ති නොකර ක්‍රියාවේ යෙදී සිටීමයි.   -පැබ්ලෝ පිකාසෝ-

24. කොයිතරම් විශාල ගෙයක් වුවද ගැහැනුන් දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවේ.      -ඇනා.කේ. ඩනියෙස්-

25. මිනිස් ජීවිතයට චිත්ත ප්‍රීතිය ආහාරයි. දුක බෙහෙතකි.               -ලයිමන් බීවර්-

26. දුක නිහඬව දරාගත් තරමට ඉකමනින් සහනය ලැබේ.               -වෝක් වෙටෝ ටසෝ-

27. ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය.                -හර්බට් ස්පෙන්සර්-

28. කන්දීමෙන් බුද්ධිය මුහුකුරා යයි.කතා කිරීමෙන් බෝහෝ විට වන්නේ පසුතවිල්ලයි.                    -ඉතාලි පිරුලක්-
29. ප්‍රබල බුධියක ප්‍රධාන ලක්ෂණය කුතුහලයයි.    -සැමුවෙල් ජොන්සන්-

30. මා දන්නේ එකම දෙයයි. ඒ මා දන්නා දෙයක් නැති බවයි.                     -සොක්‍රටීස්-

31. අවශ්‍යතා අඩුවන තරමට චිත්ත සහනය වැඩි වේ.          -සොක්‍රටීස්-

32. බොහෝ විට වචනයට වඩා නිහඬතාවය බලවත්ය.                     -තෝමස් කාලයිල්-

33. ජීවිතයේ දුක් ගැහැට වින්ද දරා ගන්නට සමත් තැනැත්තා එහි සැබෑ තත්වය වටහා ගනී.     -මිල්ටන්-

34. ලෙඩ රෝග වලින් ඔබ පරිස්සම් විය යුත්තේ ඔබ නිරෝගීව සිටින විටයි.              -හංගේරියන් පිරුලක්-

ඔබට සුබ දවසක්!!!

1 comment:

  1. ඇත්තේන්ම මෙය වටිනා අන්තර්ජාල පහසුකමකි.
    ගාමිණී

    ReplyDelete