5. මනුෂ්‍යත්වය යනු සාගරයකි.කෙතරම් අපවිත්‍ර දෑ
එකතු වුවද සාගරය අපවිත්‍ර නොවේ. එසේම කෙතරම් බාධක ආවද මනුෂ්‍යත්වයක් හිමි ඔබ
පිලිබඳ විශ්වාසය ඇත නොහරින්න. -මහත්මා
ගාන්ධි-
6. ප්‍රීතිය හැර අන් සැමදේම බැඳ තබා ගත හැක. -තාගෝර්-
7. නිරතුරුවම තමන්ගේ හිතට එකඟව කතා කිරීමට පුරුදු
වන්න. එවිට පහත්ගති ඇති අය ඔබ හැර යනු ඇත. -විලියම්
බ්ලේක්-
8. දුර්ලභ ගනයේ බුද්ධිමතෙක් මුණගැහුනහොත් ඔහු
කියවන්නේ කෙබඳු පොත පතදැයි අප සොයා බැලිය යුතුය. -ඉමර්සන්-
9. අනුවන කමින් පටන් ගන්නා කෝපය පසුතැවිල්ලෙන්
අවසාන වේ. -පයිතගරස්-
10. කෝපය යනු කෙටි උමතුවකි. -හොරේස්-
11. ත්‍යාගශීලිත්වයෙන් ආදරය වෙන් කල නොහැක. -විලියම් සේක්ෂ්පියර්-
12. බුද්ධිය අනුව යන හස්තයට බලාපොරොත්තු සපල කරගත
හැක. -මයිකල් ආන්ජලෝ-
13. යමක් කල හැකි තැනැත්තා එය කරයි.බැරි තැනැත්තා
එය කරන හැටි උගන්වයි. - ජෝර්ජ් බර්නාඩ් ෂෝ -
14. බිරිඳ
හඳුනා ගැනීමට සැමියාගේ මුහුණ බලන්න. -ස්පාඤ්ඤ
පිරුලක්-
15. සත්‍ය විස්වාසයක් නැති තැන සත්‍ය ආදරයක්ද
නැත. -විලියම් සේක්ෂ්පියර්-
16. ප්‍රමාද නොවිය යුතුය. ප්‍රමාදය අන්තරාව අන්ත
කොට ඈති හෙයිනි. -විලියම්
සේක්ෂ්පියර්-
17. නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන වැටෙන
පාරට එඩිතරව නැගිටීමයි . -කොන්ෆියුසියස්-
18. මිනිසා මුළු ජීවිතයම කරන්නේ ජීවත් වීමට
සූදානම් වීමයි. -වෝල්ටෙයාර්-
19. සෑම නිවසකම විශ්ව විද්‍යාලයකි.දෙමව්පියෝ එහි
මහාචාර්යවරු වෙති. -මහත්මාගාන්ධි-
20. ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම්
ඔවුන් කියන හැම දේටම හොඳින් කන් දෙන්න. -තාගෝර්තුමා-
21. හොඳ මිතුරෙකු ලැබීමේ හොඳම ක්‍රමය තමා හොඳ
මිතුරෙකු වීමයි. -රැල්ප්
ඉමල්ෂන්-
22. පරාජය ගැන බිය පුද්ගලයාට කිසිදා ජයග්‍රහණය
හිමි නොවේ. එබැවින් පරාජය වීමට බිය
නොවන්න. -නැපෝලියන්-
23. ජීවත් වනවා කියන්නේ මොහොතක්වත් නාස්ති නොකර
ක්රියාවේ යෙදී සිටීමයි. -පැබ්ලෝ පිකාසෝ-
24. කොයිතරම් විශාල ගෙයක් වුවද ගැහැනුන්
දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවේ. -ඇනා.කේ.
ඩනියෙස්-
25. මිනිස් ජීවිතයට චිත්ත ප්‍රීතිය ආහාරයි. දුක
බෙහෙතකි. -ලයිමන් බීවර්-
26. දුක නිහඬව දරාගත් තරමට ඉකමනින් සහනය ලැබේ. -වෝක් වෙටෝ ටසෝ-
27. ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය. -හර්බට් ස්පෙන්සර්-
28. කන්දීමෙන් බුද්ධිය මුහුකුරා යයි.කතා කිරීමෙන්
බෝහෝ විට වන්නේ පසුතවිල්ලයි. -ඉතාලි
පිරුලක්-
29. ප්‍රබල බුධියක ප්‍රධාන ලක්ෂණය කුතුහලයයි. -සැමුවෙල් ජොන්සන්-
30. මා දන්නේ එකම දෙයයි. ඒ මා දන්නා දෙයක් නැති
බවයි. -සොක්රටීස්-
31. අවශ්‍යතා අඩුවන තරමට චිත්ත සහනය වැඩි වේ. -සොක්රටීස්-
32. බොහෝ විට වචනයට වඩා නිහඬතාවය බලවත්ය. -තෝමස් කාලයිල්-
33. ජීවිතයේ දුක් ගැහැට වින්ද දරා ගන්නට සමත්
තැනැත්තා එහි සැබෑ තත්වය වටහා ගනී. -මිල්ටන්-
34. ලෙඩ රෝග වලින් ඔබ පරිස්සම් විය යුත්තේ ඔබ
නිරෝගීව සිටින විටයි. -හංගේරියන්
පිරුලක්-
ඔබට සුබ දවසක්!!!